ගරු සභාපති තුමාගේ පණිවිඩය
ලක්දිව සුපතළ ඌව වෙල්ලස්සේ අග නගරය ලෙස ස්වභාව සෞන්දර්යෙන් අනුන වූ බදුලු පුරවරයේ බදුල්ල ප්‍රාදේශීය සභාව වන අප රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ පළාත් පාලන ආයතනයක් ලෙස ජනතාවගේ සුභ සාධනය සහ සුඛ විහරණය පිණිස මහජන සෞඛ්‍ය, මංමාවත්, පොදු උපයෝගී සේවා මැනවින් වටහා ගෙන ඇති අතර එම සියළු පහසුකම් ආරක්ෂා කර දීම, විධිමත් කිරීම, පාලනය හා පරිපාලනය කිරීම මඟින් වඩා යහපත් වූත් සමාජ ප්රගමනයක් උදෙසා සොඳුරු භෞතික වටපිටාවක් තුල නිර්මාණශීලී නිවැරදි කළමණාකාරීත්වයකින් යුතුව සුහදශීලී හා ප්රශස්ත මට්ටමේ සේවාවන් සැපයීමට මා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත්, කාර්යය මණ්ඩලයත් නිරතුරුව කැපවී සිටින්නෙමු.

- අපගේ දැක්ම -
“සුපිරිසිදු බවින් හා කාර්යක්ෂමතාවයෙන් පෙරට”
- අපගේ මෙහෙවර -
“නිර්මාණශීලී, කැපවූ කණ්ඩායමක් ලෙසින් සංවර්ධන ක්‍රියාවලියක් පළාත් පාලන නිතීය තුළ ක්‍රියාත්මක කරමින් ජනතාවගේ අභිවෘද්ධිය සැලසීම සඳහා සම්පත් කාර්යක්ෂමව හා ඵලදායිව යොදාගනිමින් සහෘද හා මිත්‍රශිලී සේවාවක් සැපයීම තුළින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ තිරසාර, සමාජ, ආර්ථික, සංස්කෘතික හා පාරිසරික සංවර්ධනය සඳහා දායකවීම”

සභා ලේකම්ගේ පණිවිඩය
ඌව පලාතේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 1987 අංක 15 දරණ පනතින් ස්ථාපිත කරන ලද පළාත්පාලන ආයතනයක් වන බදුල්ල ප්‍රාදේශීය සභාව, බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන ජනතාවට පීඩාවක් නොවන අයුරින් ආදායම් උත්පාදන මාර්ග විවර කර ගැනීම මූලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන හා දේශපාලන අධිකාරිය සමිබන්ධ කර ගනිමින් අරමුදල් සපයා ගැනීමටත් සේවක අභිප්‍රේරණය ඉහළ නංවා කාර්යක්ෂමතාවයෙන් පිරිපුන් පූර්ණ දක්ෂතා වලින් හෙබි කාර්ය මණ්ඩලයක් නිර්මාණය කර ගෙන ඔවුන්ගේ නිපුනතාවයන් උපයෝගී කර ගෙන තෘප්තිමත් රාජකාරි පසුබිමක් සකස් කර දෙමින් ඔවුන්ගේ උපරිම කැපවීම තුලින් බල ප්‍රදේශයේ ජනතාවගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික හා පෞද්ගලික ජන ජීවිතය ඉතා උසස් මට්ටමක පවත්වා ගෙන යාම සඳහා….




