සභා ලේකම්ගේ පණිවිඩය

සභා ලේකම්ගේ පණිවිඩය

ඌව පලාතේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 1987 අංක 15 දරණ පනතින් ස්ථාපිත කරන ලද පළාත්පාලන ආයතනයක් වන බදුල්ල ප්‍රාදේශීය සභාව, බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන ජනතාවට පීඩාවක් නොවන අයුරින් ආදායම් උත්පාදන මාර්ග විවර කර ගැනීම මූලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන හා දේශපාලන අධිකාරිය සමිබන්ධ කර ගනිමින් අරමුදල් සපයා ගැනීමටත් සේවක අභිප්‍රේරණය ඉහළ නංවා කාර්යක්ෂමතාවයෙන් පිරිපුන් පූර්ණ දක්ෂතා වලින් හෙබි කාර්ය මණ්ඩලයක් නිර්මාණය කර ගෙන ඔවුන්ගේ නිපුනතාවයන් උපයෝගී කර ගෙන තෘප්තිමත් රාජකාරි පසුබිමක් සකස් කර දෙමින් ඔවුන්ගේ උපරිම කැපවීම තුලින් බල ප්‍රදේශයේ ජනතාවගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික හා පෞද්ගලික ජන ජීවිතය ඉතා උසස් මට්ටමක පවත්වා ගෙන යාම සඳහා උපරිම සේවාවක් ලබා දීම මූලික අරමුණ කොට ගෙන රාජකාරි කටයුතු සිදු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතුරින් කීර්තිමත් ආයතනයක් බවට බදුල්ල ප්‍රාදේශීය සභාව පත් කිරීම අරමුණු කර ගනිමු.

ස්තූතියි.

ඩබ්.එම්.එස්.එන්.වික්‍රමසිංහ,
සභා ලේකම්,
බදුල්ල ප්‍රාදේශීය සභාව.

aaaaa